වැලිගම, දෙනිපිටිය පාලම අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාදුනන පුද්ගලයෙකු පැමිණ මෙලෙස වෙඩි තබා ඇති අතර, එහිදී බරපතළ තුවාල ලැබූ අනෙක් පුද්ගලයා රෝහල් ගත කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.
වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා වැලිගම පැලෑන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර, පළාගිය සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311