අඩසියවසකට අධික කාලයක් ශ්‍රී ලාංකේය සිනමාව හා වේදිකා නාට්‍ය කලාවේ පෝෂණය වෙනුවෙන් මෙන්ම මෙරට සමාජ දේශපාලන ව්‍යුහය ශක්තිමත් කිරීමට දැක්වූ දායකත්වය වෙනුවෙන් ධර්මසිරි බණ්ඩාරනායක මහතා වෙත ආචාර්ය උපාධිය පිරි නැමීමට රුහුණු විශ්වවිද්‍යාලය කටයුතු කර තිබෙනවා.
පසුගිය අප්‍රේල් 27 වනදා එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලය විසින්ද ඒ මහතා ට විශේෂ ගෞරව සම්මානයක් පිරිනමනු ලැබුවා.
මේ අතර අද පැවැත්වෙන රුහුණ විශ්ව විද්‍යාලයේ 29 වන උපාධි ප්‍රදානෝත්සවයේදී අපේක්ෂකයින් 1,894 දෙනෙකු උපාධි ලැබීමට නියමිතයි.
උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා සඳහන් කළේ රුහුණ විශ්වවිද්‍යාලය මගින් උපාධිධාරීන් 40,000 කට අධික සංඛ්‍යාවකට මේ දක්වා උපාධි පිරිනමා ඇති බවයි.
(මාතර – තිලංග මානගේ )
උණුසුම් පුවත්
- ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් වැඩ වර්ජනයක
- මැයි දින පෙළපාලි සඳහා පක්ෂ බස් රථ අයදුම් කරයි
- උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සිට
- “ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන දැන් සතුටු වෙන්න පුළුවන්.”-සුපිරි ක්‍රීඩක මහේල (වීඩියෝ)
- පොලිස් යතුරුපැදි කණ්ඩායම් වැඩ අරඹයි-රටම හෙල්ලූ කණ්ඩායම් කිහිපයක් කොටු (වීඩියෝ)
- “ආර්ථිකය ගොඩනැංවීමේදී ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබනවා.”- ජනපති.
- ඩෙංගු හිස ඔසවයි-රෝගීන් සංඛ්‍යාව 20,000 ඉක්මවයි
- අදත් ගිගුරුම් සහිත වැසි