ධීවර ජනතාවට නොමිලේ භූමි තෙල් බෙදා දීම හෙට උදෑසන 8 ට පානදුර ධීවර වරායේදී සිදු කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා චීන තානාපති වී ෂෙන් හොන්ග් ගේ ප්‍රධානත්වයෙන් එය සිදු කිරීමට නියමිත බවයි ධීවර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
මෙහිදි භූමිතෙල් ඉන්ධන භාවිත කරන බෝට්ටු 2600 කට භූමිතෙල් ලීටර 150 බැගින් බෙදා දීමට නියමිතයි.
පසුගියදා චීන රජය විසින් ශ්‍රී ලංකාවේ ධීවර ජනතාවට නොමිලේ බෙදා දීම සදහා මෙම භූමිතෙල් ලබා දී තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311