ධීවර ප්‍රජාවට අවශ්‍ය ඉන්ධන දෛනිකව සැපයීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසනවා.
අධ්‍යක්ෂ ජනරාල් එස් ජේ කහවත්ත මහතා සඳහන් කළේ භුමිතෙල් හා ඩීසල් කෝටා ක්‍රමයට නොව සම්පුර්ණ අවශ්‍යතාව සපුරාලන පරිදි නිකුත් කෙරෙන බවයි.
ලෝක ධීවර දිනය නිමිත්තෙන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු එම කරුණු සඳහන් කළා.
භුමිතෙල් සම්බන්ධයෙන් ඇතැම් ස්ථානවල අඩුපාඩු පවතින්නේ ඒවා ඇනවුම් කිරීමේදී ඉන්ධනහල්වලින් වන අඩුපාඩු හේතුවෙන් බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.
මාධ්‍ය හමුවට එක්වු ධිීවර අමාතයංශයේ ලේකම් ආර් එම් අයි රත්නායක මහත්මිය සඳහන් කලේ ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක ක්‍රියාකාරකම් දිරිමත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311