නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණු පසු කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.
මුදල් ප්‍රශ්නය හේතුවෙන් නව ඇමැතිවරුන් පත් කිරීම මේ අවස්ථාවේදී සුදුසු නොවන බවයි ආර්ථික විශේෂඥයන් රජයට පෙන්වාදී ඇත්තේ.
නව ඇමැතිවරුන් දොළොස් දෙනකු පත් කිරීමට රජය මින් පෙර තීරණය කර තිබුනා.
ඇමැතිවරුන් ලෙස පත් කිරිම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනකුගේ ලැයිස්තුවක්ද එම පක්ෂය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගියදා භාරදී තිබෙනවා.
එහෙත් එම ලැයිස්තුවෙන් පත් කෙරුණේ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පමණයි.
නව අමාත්‍ය ලැයිස්තුවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ නමද ඇතුලත් කර ඇති බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311