නව වසර සදහා පාර්ලිමේන්තුවට අද පළමු වරට රැස්වීමට නියමිතව තිබෙනවා.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 9.30ට රැස්වීමට නියමිතයි.
එහිදී පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ බදු පදනම මත ලබාදී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබාගැනීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකෙරෙනු ඇති.
මේ අතර වැඩිවන විදුලි ගාස්තු සහ ඉදිරි පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අවධානය යොමුකිරීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සදහන් කළේ.
මේ අතර අද දිනයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව, රජයේ මුදල් පිළිබද කාරක සභාව සහ උසස් නිලතල පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිතව තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311