සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන දෙවැන් ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට නවසීලන්තයේ වෙලින්ග්ටන් හීදී පැවැත්වෙනවා.
ඉනිමක පරාජයෙන් ගැලවීමේ අරමුණින් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 114 ක් අවසානයේ කඩුළු 07 ක් දැවී ලකුණු 324 ක් ලබා සිටියා.
ධනංජය ද සිල්වා ලකුණු 98ක් ලබා සිටියදී අපරික්ෂාකාරී ලෙස පන්දුවට පහර දීමට යාමෙන් දැවී ගියා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් තවත් ලකුණු 92 ක් ලබා ගතයුතු වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311