නවසීලන්තයත් ටික්ටොක් තහනම් කර තිබෙනවා.
ඒ ආරක්ෂක හේතූන් උපුටා දක්වමින්.
ඒ අනුව නවසීලන්තයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් භාවිත කරන රාජකාරී ජංගම දුරකතන හා උපකරණවලට ටික්ටොක් යෙදවුම භාගත කිරීම තහනම් වනවා.
එසේ නොවුනහොත් චීනය ටික්ටොක් හරහා එම යෙදවුම් අයත් සමාගමේ සහය ඇතිව පරිශීලකයින්ගේ දත්තවලට පිවිසෙනු ඇතැයි නවසීලන්තය බිය පළ කරනවා.
ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගුනු ගැටළු හමුවේ මේවනවිටත් රටවල් කිහිපයක් චීනයේ මෙම යෙදවුම තහනම් කර තිබෙනවා.
එම රටවල් අතරට ඉන්දියාව, කැනඩාව මෙන්ම යුරෝපා සංගමය ද අයත්.
මේ අතර අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ද පසු ගියදා ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට කටයුතු කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311