නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ දිනපතා ධාවනය වන බස් රථ පමණක් ධාවනය කරවන ලෙස වතු කම්කරුවන් ඉල්ලා සිටිනවා.
රදැල්ල කෙටි මාර්ගයේදි සිදු වු රිය අනතුරින් පසු එම මාර්ගයේ වාහන ගමනා ගමනය සිමා කිරීමට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා පසුගියදා පියවර ගනු ලැබුවා.
කෙසේවෙතත් ඒ හේතුවෙන් තමන් අපහසුතාවට පත්ව ඇති බවයි වතු කම්කරුවන් පවසන්නේ.
රදැල්ල කෙටි මාර්ගයෙන් දිනකට ලංගම සහ පෞද්ගලික බස් රථ 40 ක් පමණ ධාවනය වූ අතර , එම සියළු බස් රථ හැටන් සිට නුවරඑලිය දක්වාත් නුවරඑලිය සිට හැටන් දක්වාත් ධාවනය කරනු ලැබුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311