නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය මගින් අද සිට යළි විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ගල්අඟුරු තොග ප්‍රමාණවත් නොවීම සහ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පසුගිය මස 23 වනදා අක්‍රිය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබුණා.
මේ වනවිට ප්‍රමාණවත් පරිදි ගල් අඟුරු තොග ලැබෙමින් පවතින බැවින් එම ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ.
මේවන විට ගල් අඟුරු මෙට්‍රික්ටොන් 60,000 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට පැමිණ ඇති අතර ඉන් එක් නෞකාවක ගල්අඟුරු තොග ගොඩ බෑමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311