75 වන ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු කටයුතු අද ආරම්භ කෙරෙනවා.
ඒ අනුව කොළඹ ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම්, මාර්ග වසා තැබීම් හා විකල්ප මාර්ග භාවිතා කිරීම පිළිබඳ පොලිස් මුලස්ථානය විශේෂ නිවේදනයක් නිකුත් කළා.
අදාල දිනයන්හි උදෑසන 5.00 සිට දහවල් 12.00 දක්වා කාලය තුල විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනු ඇති.
ගාලු මුවදොර – කොල්ලුපිටිය – කොම්පඤ්ඤවීදිය – බම්බලපිටිය – මුහුදු මාවත – වැල්ලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්ට රථවාහන නිලධාරීන්ගේ උපදෙස් මත ගමන් කල හැකි අතර, මාර්ග අවහිරතාවයන් වලක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311