ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පක්ෂ කිහිපයක එකතුවෙන් නව සන්ධානයක් නුදුරේ දී ම බිහි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ආගමික වතාවත්වල නිරත වීම සඳහා අනුරාධපුරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කලේ තමන්ට නින්දා අපහාස කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපති ධුරය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය ද අහිමි වී ඇති බවයි.
ඓතිහාසික ජය ශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදා ගැනීම සඳහා අනුරාධපුරයට පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ද බැහැ දුටුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311