තමන් නියම කරන මිලට බොරතෙල් මිලදී නොගන්නේ නම් අදාළ රටවලට ඉන්ධන සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බව රුසියාව ප්‍රකාශ කර තිබෙනවා.
ලබන සදුදා සිට ක්‍රියාත්මක වන පරිදි රුසියානු බොරතෙල් බැරලයක් ඩොලර් 60 කට වඩා වැඩි මුදලකට මිලදී නොගැනීමටයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් තීරණය කර තිබුනේ.
ජි 7 සමුළුවේ රටවල් සහ එහි මිත්‍ර රටවල් යෝජනා කර තිබුනේ රුසියානු බොරතෙල් බැරලයක මිල වෙළෙඳපොළේ මිලට වඩා 5%ක් අඩුවෙන් පවත්වාගෙන යා යුතු බවයි.
රුසියාව, යුක්‍රේන යුද්ධය හමුවේ ලාභ ලැබීම නැවැත්වීමේ අරමුණින් මෙම මිල සීමාව පැනවීමට කටයුතු කර ඇති බව සදහන්.
රුසියානු බොරතෙල් බැරලයක මිල ඊයේ දිනදී ඩොලර් 64ක්ව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311