නීති විරෝධීය මෙරටට ගෙන්ව ලද දුම්වැටි 43,000ක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වත්තල බංගලාවත්ත ප්‍රදේශයේදී නීති විරෝධීම ගෙන්වන ලද දුම්වැටි 220ක් සමග පළමු පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
ඔහුගෙන් සිදු කළ විමසීම් වලදී පෑලියගොඩ දුටුගැමුණු මාවතේ දී දුම්වැටි 620ක් සමග දෙවැනි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අනතුරු දෙවැනි සැකකරුගෙන් ලද තොරතුරු අනුව වේල්ලවීදිය ප්‍රදේශයේදී තෙවැනි පුද්ගලයා දුම්වැටි 42,200ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 27ත් 57ත් අතර වයස් වල පසුවන නානුඔය, පෑලියගොඩ සහ කොළඹ 12 යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311