නේපාල කණ්ඩායමට එරෙහි එක්දින තරගයේ එක්සත් අරාබි එමීර් ක්‍රීඩක අසීෆ් ඛාන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කර තිබෙනවා.
අසීෆ් ඛාන් පන්දු 41කදී ශතකයක් රැස්කළ අතර එය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිව්වන වේගවත්ම ශතකය ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.
අසීෆ්ගේ ඉනිම හයේ පහර 11කින් සහ හතරේ පහර 4කින් වර්ණවත් වුණා.
ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයක් ලෙසයි මෙය පැවැත්වෙන්නේ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 06ක් දැවී 310ක් රැස් කළා.
නේපාල පිළිතුරු ඉනිම දැන් ක්‍රියාත්මකයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311