ගිනිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වී ශ්‍රී ලංකාවේ උතුරුට ආසන්නයෙන් ගමන් කළ හැකි බැවින් දෙසැම්බර් මස 07 සහ 08 යන දිනවලදී උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බවයි.
එසේම අද රාත්‍රීෙය්දී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(05) පස්වරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ හෙට(06) දිනයේදී දිවයිනේ නැගෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් සබරගමුව පළාතේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්ය.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311