සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන් පන්දුවේදී කඩුලු 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් වුනා .
තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 355 ක් ලබා ගත්තා.
සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 373 ක් ලබාගත් අතර පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කළා.
එමෙන්ම ඩැරල් මිචෙල් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 8 වන අර්ධ ශතකය අද වාර්තා කිරීමට සමත් වුනා.
මේ අතර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් අද 27වන ටෙස්ට් ශතකය රැස් කළා.
මේ වන විට තරගාවලිය 1-0 ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ පසුවනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311