පළාත් පාලන මැතිවරණය පිළිබද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
ලියාපදිංචි දේශපාලන පක්ෂ ලේකම්වරුන් මෙම සාකච්ඡාවට එක්වන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.
එළඹෙන අප්‍රේල් 25 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබද මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගනු ඇති.
පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ලබන 28 වනදා සිට 31 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.
කෙසේවෙතත් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබා දීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය විසින් දැනුම් දී ඇති බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.
මේ අතර පළාත් පාලන මැතිවරණය කල්යාම පිළිබද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබෙනවා.
පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්ව සිටින රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ලබා දීමට සුදුසු නීතිමය පියවරක් ගන්නා ලෙසයි අදාළ ලිපියෙන් ඉල්ලා ඇත්තේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311