පාකිස්ථාන මැතිවරණ කොමිසමේ ඡන්ද කල් දැමීමේ උත්සාහයන් නොතකමින් එරට පළාත් දෙකක මැතිවරණය පැවැත්වීමට එරට ජනාධිපති අරීෆ් අල්වී තීරණය කර තිබෙනවා.
ඔහු ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ඒ අනුව ඡන්ද විමසීම අප්‍රේල් 09 වන දා පැවැත්වීමට නියමිතයි.
විදෙස් වාර්තා පවසන්නේ පාකිස්ථාන මැතිවරණ කොමසාරිස්වරයාගේ බලතල ඉක්මවා යමින් එරට ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311