එක්සත් ජනරජ පෙරමුණ’ නම් නව දේශපාලන පක්ෂයක් අද දිනයේ ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී එළිදැක්වීමට නියමිතව තිබෙනවා .
එම පක්ෂය සදහා නායකත්වය ලබා දෙනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතායි .
ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් රට ගොඩ නගන, කුසලතාව භාවිතා කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් මත පදනම්ව රටට ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික, ප්‍රජාතාන්ත්‍රික නිදහසත්, ජාතික සමගිය හා ඒකාග්‍රතාව ලබාදීමත්, අරමුණු කර ගනිමින් මෙම පක්ෂය එලි දක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිවේදනය කළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311