පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පෙරවරු 09.30 සිට 10.30 දක්වා වන කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන්කර ඇත්තේ.
රජයේ විවිධ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තා වලට අදාළව ඉදිරිපත්කර තිබූ යෝජනා 24 ක් අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට ද අද දිනයේ දී නියමිතයි.
මේ අතර රට පුරා සිටින ශ්‍රවණ ආබාධිත පුද්ගලයින් සඳහා රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවා.
අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ අදාල කාර්ය මෙම සතියේ සිට ආරම්භ කරන බවයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් .
එමෙන්ම ටික් ටෝක් සමාජ මාධ්‍ය සංස්කෘතිය තුල ශ්‍රී ලංකාව ඉතා අයහපත් දිශානතියකට ගමන් කරමින් සිටින බව නිදහස් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසනවා .
පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේයි ඔහු මේ බව කියා සිටියේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311