මඩකලපුව විපුලානන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබෙනවා.
එම සිසුන් දෙදෙනා ඊයේ කොකුවිල් සවුකඩේ මුහුදු තීරයේ දියනෑමට ගොස් ඇති අතර එහිදී මෙම අනතුරට මුහුණ දී ඇති බව සඳහන්.
දියනාමින් සිටියදී එම සිසුන් දෙදෙනා දියේ ගිලි අතුරුදන් වී ඇති අතර අද උදෑසන ඔවුන්ගේ සිරුරු වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන තිබුනා.
මෙලෙස මියගොස් ඇත්තේ 11 වන ශ්‍රේණියේ ඉගෙනු ලබමින් සිටි සිසුන් දෙදෙනෙක් .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311