පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.
රිට් පෙත්සම විභාග වී අවසන් වන තෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව බහා තබන ලෙස ද අභියාචනාධිකරණය අද නියම කළා.
සිරිල් ගාමිණි පියතුමන් ඇතු`ඵ දෙදෙනෙකු විසින් මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311