වසර හතරකට පෙර සිදු වූ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානුවෙකු වූ ලුක්බාන් නලිබ් හෙවත් අබු අබ්දුල්ලා නමැති අල්කයිඩ් ත්‍රස්තයා බවට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ඔස්ට්‍රේලියානු බුද්ධි අංශය සහ ඒරට වික්ටෝරියා පොලිසිය ශ්‍රී ලංකාවේ පොලිසියට සනාත කර ඇතැයි වාර්තා වනවා.
අබු අබ්දුල්ලා යනු අල්කයිඩා සංවිධානය ලබාදුන් නාමයයි.
මොහුගේ ශ්‍රී ලාංකික සහකරුවා මොහොමඩ් හක් බව ඔස්ට්‍රේලියානු පොලිසිය දැනුම්දීමෙන් පසු කොළඹ ත්‍රස්ත මර්දන ඒ්කකය ඳරැවුම් භාරයේ සිටි මොහොමඩ් හක්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
මොහොමඩ් හක් බූස්ස සිරගෙදර ඳරවා සිටි අතර ඔහු ඒ් බව පිළිගෙන ඇත.
ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් ඒල්ල කිරීම ඳසහා 2018 දී අල්කයිඩ් ත්‍රස්තයන් පස් දෙනෙකු පූජකයන් වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණි බව මොහොමඩ් හක් තවදුරටත් හෙලිකර තිබෙනවා.
මෙම අල්කයිඩ් ත්‍රස්තයන් පස් දෙනා සමග පණිවුඩ හුවමාරු කර ගැනීම ඳසහා පවුසන් මොහොමඩ් නැමැත්තා සතු ජංගම දුරකථනය භාවිත කළ බව මොහොමඩ් හක් ත්‍රස්ත මර්දන නිලධාරීන්ට හෙලිකර තිබෙනවා.
ඒ අනුව පවුසන් නමැත්තාද ත්‍රස්ත විමර්ශන නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311