කොස්ගම සහ වග අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් මෙලෙස අද උදැසන පීලිපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය හෝමාගම දුම්රිය ස්ථානය දක්වා සීමා වනු ඇති.
දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත වන කාලය පිළිබඳ නිශ්චිතලෙස සඳහන් කල නොහැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු සඳහන් කලේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311