පළාත් පාලන ආයතනවල නාමයෝජනා කැඳවිමේ දැන්වීම හෙට(04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කරන බව, ජාතික මැතිවරණ කොමිසම පවසනවා.
නාමයෝජනා කැඳවීමේ දැන්වීම පළකර දින 14කින් පසු නාමයෝජනා භාරගන්නා බවයි කොමිසමේ ඉහළ පෙලේ නිලධාරියෙකු කියා සිටියේ.
එසේම ඒ සඳහා දින තුන හමාරක කාලයක් ලබා දෙන බව එම නිලධාරියා සඳහන් කර සිටියා.
අදාළ දැන්වීමේ, නාමයෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂකයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු ඇතුළත් වනවා.
පළාත් පාලන ආයතන 341න් ආයතන 340ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කෙරෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311