පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත තඹපැහැති හිඳි පිළිමයක් සමග පුද්ගලයන් තිදෙනෙකු බිබිල, සිරිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිරිපුර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී මෙලෙස මෙම හිඳි පිළිමය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කළේ.
සැකකරුවන් අවුරුදු 22, 36 සහ 56 යන වයස්වල පසුවන බිබිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311