පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරට පැමිණ තිබෙනවා.
ඒ US News & World Report Best Global Universities ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි.
ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගෝලීය වශයෙන් 901 වන ස්ථානයටත් ආසියාවේ 240 වැනි ස්ථානයටත් පත්ව ඇති බව සඳහන්.
විශිෂ්ටත්වය පිළිබඳ පුළුල් ලෙස පිළිගත් දර්ශක සමූහයක් හරහා විශ්ව විද්‍යාල ඔවුන්ගේ කාර්ය සාධනය අනුව ශ්‍රේණිගත කර තිබෙනවා.
ගෝලීය පර්යේෂණ කීර්තිය, ජාත්‍යන්තර සහයෝගීතාව, ප්‍රකාශන, පොත්පත් සහ සම්පූර්ණ උපුටා දැක්වීම් ඇතුළුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමස්ත හොඳම ගෝලීය විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම ගණනය කිරීමට දර්ශක දහතුනක් භාවිතා කර තිබුණා.
මැසචුසෙට්ස් හි හාවඩ් විශ්ව විද්‍යාලය හොඳම ගෝලීය විශ්ව විද්‍යාල සාමාන්‍ය ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ලෙස දිගටම පවතිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311