ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට එරෙහිව කොළඹ දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරැන් 08 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් නෙරපීම වළක්වාලමින්.
අදාළ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර තිබු පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු පුර්ණිමා පරණගම මහත්මිය මෙම වාරණ නියෝගය නිකුත් කළා.
මෙම වාරණ නියෝගය ලබන 24 වනදා දක්වා බලාත්මක වනු ඇති.
පැමිණිලිකරුවන් අධිකරණය හමුවේ පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනිව තමන්ව පක්ෂයෙන් නෙරපා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද මාධ්‍යට අදහස් පලකළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311