ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
ඒ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුවයි.
පළාත් පාලන මැතිවරණය සහ පක්ෂයේ මැයි දින රැළිය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.
පක්ෂයේ ඡන්ද පදනම ශක්තිමත් කරගනිමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමට අවශ්‍ය කටයුතු පිළිබද මෙහිදී අවධානය යොමුව ඇති බව සදහන්.
හෙට දිනයෙන් පළාත් පාලන ආයතනවල කාලය අවසන් වීමෙන් පසු ඇතිවන තත්ත්වයන් කෙරෙහි ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
මේ පළාත් පාලන නියෝජිතයින්ගේ සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා.
මැයි දිනය සැමරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු මන්ත්‍රිවරයාගෙන් විමසා සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311