ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම ආසන සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබෙනවා.
ඒ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරණ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
මෙම සාකච්ඡාව නෙලුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පෙරවරුවේ පැවැත්වෙන්නේ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එහි හවුල්කාර පක්ෂ අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පක්ෂ කාර්යාලයේ දී පැවැත්වුණා.
එම සාකච්ඡාව අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ නිදහස් දිනයේදී රට වෙනුවෙන් ජීවිත පූජා කළ සිය`ඵම රණවිරුවන් වෙනුවෙන් ආචාරය පුද කරන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311