ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය නබා කිසෝර් දාස්, වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
ඒ ඔඩීෂා හි ජර්සුගුඩා දිස්ත්‍රික්කයේ වැඩසටහනකට සහභාගිවීමට යමින් සිටියදීයි.
අමාත්‍යවරයා මෝටර් රථයෙන් බැසීමට උත්සාහ කරන අවස්ථාවේදී සහකාර උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ඔහුගේ පපු ප්‍රදේශයට දෙවරක් වෙඩි තබා ඇති අතර අමාත්‍යවරයා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම වෙඩි තැබීම සිදුකළ සහකාර උප පොලිස් පරීක්ෂකවරයා මානසික ආබාධයකින් පෙළෙන්නෙකු බවට ද වාර්තා වනවා.
කෙසේ වෙතත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියගිය ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන්ට සිය කණගාටුව ප්‍රකාශ කරමින් කියා සිටියේ මෙය, යහපත් ආදර්ශයක් නොවන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311