මාස තුනක සේවා දිගුවක් වතමන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, කතානායක නිල නිවසේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ රැස්වූ අවස්ථාවේදීයි.
වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් පසුගිය මස 25 වනදා පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමට නියමිතව තිබුණා .
කෙසේ වෙතත්, පසුව පොලිස්පතිවරයාට මාස 03 ක සේවා දිගවක් ලබාදීමටයි පියවර ගැනුණේ.
සීමා නිර්ණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම පිළිබඳව ද ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සාකච්ඡා වී ඇති බව වාර්තා වනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311