2023 වසරේ පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම සුරා සැල් වසා තබන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ අනුව ජූනි මස 3 වන දා දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කිරීම සදහා වූ සියලුම සුරා බදු බලපත්‍ර ලත් ස්ථාන වසා තබන ලෙස නියෝග කළ බවයි සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.
එමෙන්ම රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමිව එම සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම සුරා සැල් ලබන 31 වනදා සිට ජූනි මස 6 වන දා දක්වා වසා දමන ලෙස නියෝග කර තිබෙනවා.
එමෙන්ම බලපත්‍ර කොන්දේසී උල්ලංඝනය කරන සුරා සැල් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311