බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් අද කොළඹ ස්ථාන රැසකදී වෘත්තිකයන් රැසක් විරෝධතාවක නිරත වුණා.
මුදල් අමාත්‍යංශ්‍ය ඉදිරිපිටට රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ වෘත්තිකයන් හේතුවෙන් අද දහවල් ලෝටස් මාර්ගය ද පැය කිහිපයක් වසා දැමුණා.
එමෙන්ම අද දහවල් නෙළුම් පොකුණ ඉදිරිපිටට රැස්වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන විරෝධතාවට පොලිසියෙන් බාධා එල්ල වූ අතර පසුව එම පිරිස බස් රථවල නැගී මුදල අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණීමට කටයුතු කළත් ඒ සඳහාද පොලිසියෙන් බාධා මතු වුණා.
එහිදී ද විරෝධතාකරුවන් හා පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර මාධ්‍යට නිසි ලෙස අදහස් දැක්වීමට හෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිලධාරීන්ට අවසර හිමි වුයේ නැහැ.
කෙසේ වෙතත් එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නාහක මහතා කියා සිටියේ මුදල් අමාත්‍යාංශය ඉදිරියට යාම සඳහා පැමිණි තම නියෝජිතයින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියට ගෙනවිත් දමා පොලිසිය ගැටුම් ඇති කිරීමට උත්සහා ගන්න බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311