නිසි බර ප්‍රමාණ වලින් යුක්තදැයි තහවුරු කිරීමෙන් අනතුරුව ගොවීන්ට යූරියා පොහොර නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ, බෙදා හැර ඇති යූරියා පොහොරවල නිසි බර නොමැති බවට මේ වනවිට එල්ල වී ඇති චෝදනා සැළකිල්ලට ගනිමින්.
පසුගියදා පේමඩුව පොහොර ගබඩාව මගින් නිකුත් කරන යූරියා පොහොර මිටිවල නිසි බර නොමැති බවට මෙලෙස චෝදනා එල්ලවුණා.
ඒ අනුව මේ වනවිටත් නෛතික කටයුතු අවසන් වන තුරු පේමඩුව පොහොර ගබඩාව මුද්‍රා තැබීමටයි ලංකා කොමර්ෂල් පොහොර සමාගම පියවර ගෙන ඇත්තේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මහ කන්නයේ වී සහ බඩඉරිඟු වගාවන් සඳහා අවශ්‍ය යූරියා පොහොර මේ වනවිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311