බලපිටිය අධිකරණය ආසන්නයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය පවසන්නේ අදාළ වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙක් තුවාල ලබා ඇති බවයි.
තුවාල ලැබූ පුද්ගලයා ගුරුවරයෙකු බවටයි වාර්තා වන්නේ.
මේ අතර අම්බලන්ගොඩ අඳාදොළ පන්සල පාර ප්‍රදේශයේදී ඊයේ(25) රාත්‍රී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවටයි වාර්තා වන්නේ.
වෙඩි ප්‍රහාරයෙන් යතුරු පැදියට හානි සිදුව ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවද වාර්තා වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311