බස්නාහිර පළාතේ පාසල් 200කට අධික සංඛ්‍යාවක මත්ද්‍රව්‍ය භාවිත කෙරෙන බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසනවා.
ඒ අනුව අදාළ පාසල්වලින් එක් ගුරුවරයෙකු සහභාගි කර ගනිමින් මත්ද්‍රව්‍ය නිවාරාණ තෙදින පුහුණු වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
ඒ් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින්.
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය මත අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයද මෙම වැඩසටහනට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ පුහුණු වැඩසටහන අවසනායේදී පුහුණුව ලද ගුරු භවතුන් සඳහා සහතිකපතක් ලබාදීමටද නියමිත බවයි වාර්තා වන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311