මධ්‍යම සෙනගාලයේ, කැෆ්රීන් නගරය ආසන්නයේදි බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයින් 38 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් වු අතර තවත් පුද්ගලයින් 87 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
තුවාල ලැබුවන් සියලු දෙනා රෝහල් ගත කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේදි එම බස් රථ දෙකෙහිම පුද්ගලයින් 125 දෙනෙකු සිට තිබෙනවා.
සෙනගාලයේ මාර්ග අනතුරු නිරන්තරයෙන් වාර්තා වන අතර මෙම අනතුර ඉතා දරුණු අනතුරක් බවයි සෙනගාල බලධාරීන් සඳහන් කරන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311