ශ්‍රී ලංකාවේ බැඳුම්කර මිලදී ගත් ගැණුම්කරුවන්ගේ එකතුවක් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා වෙත එම සංගමය ලිපියෙන් දක්වා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත නැවත ප්‍රවේශ වීමට ඉඩ සලසන ප්‍රතිව්‍යුහගත කිරීමේ නියමයන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කඩිනමින් හා ඵලදායී ලෙස සම්බන්ධ වීමට සූදානමින් සිටින බවටයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය පහසුකම් වැඩසටහන සහ එහි නිශ්චිතව දක්වා ඇති ඉලක්ක වලට අනුකූලව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා සිය මෙහෙයුම් කමිටුව හරහා සම්බන්ධ වීමට සූදානම් බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311