තිස්සමහාරාම රොටවැව කැළෑබද ප්‍රදේශයක මද්දකට හසුව සිටි දිවියකු බේරා ගැනීමට ගිය වනජීවි වෛද්‍යවරයකු එම දිවියාගේ ප්‍රහරදීමට ලක්ව තුවාල ලබා තිබෙනවා.
යාල වනෝධ්‍යානයට ආසන්න ප්‍රදේශයේ දිවියකු මද්දකට අසුවී සිටින බවට ලද තොරතුරට අනුවයි වෛද්‍යවරයා ඇතුළු වනජීවි නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇත්තේ.
එහිදී එක්වරම මද්ද කඩාගත් දිවියා වනජීවි වෛද්‍යවරයාව සපාකා තිබෙනවා.
තුවාල ලැබු වෛද්‍යවරයා වලස්මුල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු එහිදී සැත්කමකට ද ලක්කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311