මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සපයනු ලබන සේවාවන් කීපයක් එකවර ඇණහිටීමෙන් ලොව පුරා සේවාලාභීන් විශාල පිරිසක් අපහසුතාවයට පත්ව තිබෙනවා.
මයික්‍රොසොෆ්ට් ටීම් සහ අවුට්ලුක් යන සේවාවන් එහිදි බිඳ වැටී ඇති බව සඳහන්.
මේ හේතුවෙන් අපහසුතාවයට පත් වූ සේවාදායකයින් ගණන සම්බන්ධයෙන් එම සමාගම මෙතෙක් හෙළි කර නොමැති අතර ඉන්දියාවේ මෙලෙස බිඳ වැටීම් සිදුව ඇති ගණන 3900ක් බව සඳහන්.
එමෙන්ම ජපානයේ ද සේවා බිඳ වැටුම් 900ක් වාර්තා වී තිබෙනවා.
ඕස්ටේ්‍රලියාව, බි්‍රතාන්‍ය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද මයික්‍රොසොෆ්ට් බිඳ වැටීම් සම්බන්ධයෙන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311