ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි එම කොමිසම විසින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඇතු`ඵ පාර්ශව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද සලකා බැලුණා.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණ කරනු ලැබුවේ එය විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන තීරණය පසුවට කල්තබන බවයි.
ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවති කරුණු සලකා බැලීම අවසන් වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා තමන්ට එරෙහිව ගොනු කරන ලද චෝදනා පත්‍රය ලැබෙන තෙක් තමා බලා සිටින බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311