මහියංගණය පුද බිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍ර ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
එහිදි මහියංගණ චෛත්‍ය සහ වළාකුඵ බැම්ම ප්‍රතිසංස්කරණය කර සසුනට පූජා කිරීම මෙන්ම වැව මධ්‍යයේ ඉදි කෙරුණු අඩි 102 ක් උස හිටි පිළිම වහන්සේ සසුනට පූජා කිරීමේ වැඩසටහනක් ද ඊයේ දින පැවති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
ඉන් අනතුරුවයි මහියංගණය පුද බිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වුණේ.
එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටි අතර එහිදි ඔහු කියා සිටියේ වචනයට සීමා නොවී බුදු දහම රැක ගැනීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311