පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සමාජයේ යම් අවිනිශ්චිතතාවක් නිර්මාණය වී තිබෙනවා.
ඒ මැතිවරණය නොපැවැත්වෙනු ඇති බවට ඇතැම් පාර්ශව විසින් කරනු ලබන ප්‍රකාශ හේතුවෙන්.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසන්නේ සැකයකින් තොරව මාර්තු 9 වනදා මැතිවරණය පැවැත්වෙන බවයි.
පොදු ජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් මහතාද ඒ පිලිබඳ කරුණු දක්වා සිටියේ ජන හමුවක් අමතමින්.
ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ති ආචාර්ය හරිණි අමරසුරිය මහත්මිය සඳහන් කළේ මැතිවරණය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් ඇති කර නොගන්න ලෙසයි.
මේ පිලිබඳ කරුණු දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ මැතිවරණය නොපැත්විමටද යම් හේතු සාධක මුලික විය හැකි බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311