රජයේ මුදල් කාරක සභාව සදහා පත් කෙරුණු මන්ත්‍රිවරුන් දස දෙනෙකුගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
රවුෆ් හකීම්, විජිත හේරත්, පාඨලි චම්පික රණවක, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, හර්ෂ ද සිල්වා, එම්.ඒ. සුමන්තිරන්, හේෂා විතානගේ, මයන්ත දිසානායක සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඒ සදහා පත් කර තිබෙනවා.
මේ අතර මුදල් කාරක සභාවේ සභාපති ධූරය සදහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත් කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.
එහිදි කථානායකවරයා සදහන් කළේ ස්ථාවර නියෝග අනුව කටයුතු කරන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311