අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් වහාම නිදහස් කරන්නැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.
එහිදී ඔහු කියාසිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කරන ලද රැදවුම් නියෝග කාලය හෙටින් අවසන් වන බවයි.
ඊට පිළිතුරු ලබාදෙමින් සභා නායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ විපක්ෂනායකවරයා යොමු කරන ලද පැනය විෂයභාර අමාත්‍යවරයාට යොමු කරන බවයි.
එමෙන්ම රැදවුම් නියෝග යටතේ රඳවා තබා ගත හැක්කේ දින 90 ක කාලයක් බව ද ඔහු එහිදී කියා සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311