ඉන්දියාවේ රැඳවුම් කඳවුරක දී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රමුඛ පෙළේ පාතාල ක්‍රියාකාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලීසියට දැනුම්දීමක් සිදුකර නැහැ.
කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඉන්දීය පොලීසියේ අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 09 දෙනාගෙන් 07 දෙනකුම ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් බවයි..
ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු කිඹුලා ඇලේ ගුණා, පූකුට්ටි කන්නා, ලඩියා ඇතුළු පාතාල ක්‍රියාකාරීන් 09 දෙනා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයෛ් ද සමබ්න්ධිකරණයෙන් ඉදිරි කටයුතු කිරීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311