මහනුවර හන්තානේ ස්ථාපිත මෙරට පළමු ජාත්‍යන්තර පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් අද විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
අද පස්වරු 3ට එම උද්‍යානය විවෘත කෙරන අතර මහජනයා වෙනුවෙන් විවෘත වන්නේ ලබන 23 වනදායි.
හන්තාන තේ කෞතුකාගාර පරිශ්‍රයට යාබදව පිහිටි අක්කර 27ක භූමියකින් යුතු මෙම විදේශීය පක්ෂි උද්‍යානය සහ පාරිසරික සංචාරක කලාපය විදේශීය පක්ෂි වර්ග 200කට අධික සංඛ්‍යාවකින් යුක්ත වනවා .
එමෙන්ම දුර්ලභ විදෙස් පක්ෂින් ද මේ අතර වනවා.
හන්තාන ජාත්‍යන්තර කුරුළු උද්‍යානයේ සබාපති නිශාන්ත කොට්ටෙගොඩ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පල කළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311