මෙරට වායු තත්ත්ව දර්ශකය පෙර දිනයට සාපේක්ෂව අද උදෑසන වනවිට යහපත් ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.
කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ අගය 53ක් ලෙස දැක්වුණු මන්නාරමේ මේ වනවිට එම අගය 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වෙබ් අඩවියේ දැක්වෙන වායුගුණාත්මක දර්ශකයේයි මේ බව සටහන් වන්නේ .
එම දර්ශක අගය කෑගල්ලේ දිස්ත්‍රික්කයේ දැක්වෙන්නේ ඒකක 22ක් ලෙසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ ද එම තත්ත්වය ඒකක 42ක් ලෙස දැක්වෙනවා.
කෙසේ වෙතත්, යාපනයේ වායුගුණාත්මක දර්ශකයේ අගය ලෙස 44ක් දැක්වෙන අතර, එය ද සාමාන්‍ය තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311